රණ්ඩුව කෙලවර වුණේ හරිම ඛේදනීය විදිහට

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමී පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාව මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (14) පස්වරුවේදි කාන්තාවකට සැමියා විසින් පහරදෙන බවට වාද්දුව පොලිසියට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් තිබෙනවා.

පොලිසිය විසින් එම ස්ථානයට ගොස් සිදු කල පරික්ෂා කිරීමේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ඝාතනය වී ඇති බවට නිරික්ෂණය වී තිබෙනවා.

ඒ අතර තවත් කාන්තාවක් තුවාල ලබා සිටියදී කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 23 ක් වු ගොරකගහවත්ත, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව මියගිය කාන්තාවගේ සහෝදරිය පොලිස් විමර්ශනවලදි පවසා තිබෙනවා.

මෙම කාන්තාව එම අවස්ථාවේදී එහි සිට ඇති අතර ඇයට ද තුවාල සිදුව රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනය සිදු කල සැකකරු මේ වන විට වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාද්දුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *