රතන් ටාටාගේ අභාවය ගැන ඉන්දීය ප්‍රභලයන් කී දේ

ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටාගේ අභාවය වෙනුවෙන් ඉන්දීය රජයේ ප්‍රභලයින් කිහිපදෙනෙකු ම සිය ශෝකය පළ කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසුවේ, රතන් ටාටා දානපතියෙකු වන අතර ඔහුගේ දායකත්වය ඉන්දියාවේ සමාජය මත නොමැකෙන සලකුණක් තැබූ බවයි.

නවෝත්පාදනය, සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් සහ සමාජ වගකීම පිළිබඳ ඔහුගේ ගැඹුරු අධිෂ්ඨානය කර්මාන්ත පරිවර්තනය කර ප්‍රජාවන් නඟා සිටුවීමට හේතු වූ බව ද ඇය පවසා තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ ප්‍රවීණ කර්මාන්තකරුවෙකු වන රතන් ටාටාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන බවයි. ඔහුගේ මරණය යුගයක අවසානය බව ද ජයශංකර් පවසනවා.

“රතන් ටාටාගේ අභාවය යුගයක අවසානයයි. ඔහු ඉන්දියානු කර්මාන්තයේ නවීකරණය සමඟ ගැඹුරින් සම්බන්ධ විය. ඊටත් වඩා එහි ගෝලීයකරණය සමඟ. ඔහු සමඟ අවස්ථා ගණනාවක දී කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක්. ඔහුගේ දැක්මෙන් සහ තීක්ෂ්ණ බුද්ධි‍යෙන් රට සහ සමාජය ප්‍රයෝජන ලැබුවා.” යනුවෙන් ජයිශංකර් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ශෝකය පල කර තිබුණා.

මේ අතර රතන් ටාටා දූරදර්ශී නායකයෙකු සහ දයානුකම්පිත අසාමාන්‍ය මනුෂ්‍යයෙකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *