රත්නදීප අද විවෘත කෙරේ

ගාලු‍මුවදොර අලංකාරය තවත් වැඩි කරන අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද විවෘත කෙරෙනවා.

ඩොලර් මිලියන 300ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ෂඔක්‍ රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය ඉන්දියානු ෂඔක්‍ සමාගම ඉන්දියාවෙන් පිටතදී සිදුකළ විශාලතම ආයෝජනය වනවා. ගාලු‍ මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5 දශම 8යි 6ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224ක්.

එය අධි සුඛෝපභෝගි කාමර 352කින් සමන්විතයි.

මෙහි සුවිශේෂතාව වන්නේ මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් ස්කයි බි්‍රජ් හෙවත් අහස් පාළමකින් යා කර තිබීම හේතුවෙන් මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාළමයි.

මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා.

එමෙන්ම එහි සිටින පිරිස් වෙත ආහාරපාන ලබා ගැනීමට අහස නමින් හැඳින්වෙන ස්ථානයක්ද ස්ථාපිත කර තිබෙන අතර එම ස්ථානයට ගාලු‍ මුවදොර ඉතා අලංකාරවත් අයුරින් දර්ශනය වනවා.

රත්නදීප ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංග වලින් සමන්විත අලංකාර උත්සවශාලා 5කින්ද සමන්විතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *