රත්‍රං කොල්ලයකට සම්බන්ධ සැකකරුවන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි

කල්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රත්‍රං කිලෝ 37ක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සිදු කළ විමර්ශනයේදී මෙම අපරාධයට අදාළව කල්පිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් සැකකරුවන් 05 දෙනෙකු නම් කර ඇති අතර ඔවුන් මේ වන විට පදිංචි ප්‍රදේශ අතහැර පලාගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

අදාළ පුද්ගලයින් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් 0718591763 සහ 0718594916 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *