“රතිඤ්ඤාවල ප්‍රමිතිය සොයා බලන්න”

රතිඤ්ඤාවල ප්‍රමිතිය සොයා බලන ලෙස අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඊයේ (08 වැනිදා ) ඉල්ලා සිටියේය.

සිංහල දෙමළ අලුත් අවුරුද්දේදි සිදුවන ගිනිකෙළි භාවිතයේදි ඇතිවන අනතුරු සම්බන්ධව ජාතික අක්ෂි රෝහලේදී ඊයේ (08 වැනිදා ) පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මෙම ඉල්ලීම කළේය.

විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ වෙනත් රටවල රතිඤ්ඤා හෝ සෑම ගිනිකෙළි ද්‍රව්‍යකම එය භාවිත කරනු ලබන ආකාරය සහ එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ ලේබලයක් අලවා ඇති බවය.

නමුත් මෙරට නිෂ්පාදනය කරනු ලබන බොහෝ ගිනිකෙළි ද්‍රව්‍යවල එම තත්ත්වය දක්නට නොලැබෙන බව ඔහු පවසයි.

මෙම තත්ත්වය මත බොහෝ පිරිස් ගිනිකෙළි භාවිතයේදි අනතුරු සිදුකරගන්නා බවද විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක සඳහන් කරයි.

එම නිසා ප්‍රමිති ආයතනය රතිඤ්ඤා මෙන්ම ගිනිකෙළි නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමක් සිදුකළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *