රන්ජන් රාමනායකගේ විදේශ ගමන් තහනම 2025 04 04 දක්වා තාවකාලිකව ඉවත් කෙරේ..

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ නායක රන්ජන් රාමනායක මහතා අද උදෑසන ගංගොඩවිල අධිකරණයට පැමිණියා ඒ  ඒ මහතාට අධිකරණයේ පවතින නඩු කටයුතු  තුනක් වෙනුවෙන් පෙනී සිටීම සඳහායි …

    සහල් බෙදීමේ නඩුව
    ගිනිඅවි බලපත්‍රය අලුත් නොකිරීමේ නඩුව
   විදේශ ගමන් තහනම
එම නඩු තුනට පෙනී සිටීමෙන් පසුව රන්ජන් රාමනායක මහතා අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍යයට අදහස් පල කරා…

මම ගරු අධිකරණයට ස්තූතිවන්ත වෙනවා තාවකාලිකව මගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධව

ආණ්ඩුව ඉතාමත් හොඳින් නිවැරදි ගමනක යනවා.

ජනාධිපතිතුමාගේ උපන්දිනයක සුභ පතන්න මම කතා කරා අපි සාමාන්‍ය විදිහට කතා කරා ප්‍රශ්න මුකුත් කතා කරේ නෑ අපි පාර්ලිමේන්තු කාලෙ ඉඳන් යාළුවො

koreanකොරියන් වීසා ප්‍රශ්නය නම් ලොකු ප්‍රශ්නයක් මම ඒ ළමයි එක කතා කරා වීසර් එක වැදිලා තියෙන්නේ මොකක් හරි ඩොකියුමන්ත්වල ප්‍රශ්නයක් කියලා කියන්නේ මේ සම්බන්ධව ඉදිරියේදී මම විෂය භාර ඇමතිත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා

සජබය සහ unp ඒක එකතු වෙන එකේ වැරැද්දක් නැහැ ඒගොල්ලෝ එකතු වෙලා නොගිය හිඳ තමයි මේ වගේ ප්‍රශ්නයක්ක් වුණේ ඒ පක්ෂ නායකයෝ දෙන්නම කලින් මගේ නායකයෝ

රාජපක්ෂලා අභියෝග කරල කියනවා අපි හොරා කෑවා ඒ සල්ලි පුලුවන්නම් ගේන්න කියලා රාජපක්ෂල අපරාකාපු සල්ලි ගන්න බෑ මල්ලි

ඒ හොරකම් කරලා තියෙන්නේ ඩිජිටල් විදිහට ඔය කියන බැංකු මොන ප්‍රශ්නෙ ආවත් මුදල් තැන්පත්කරුගේ පැත්ත තමයි ගන්නේ

ඔවුන් කැමති වෙන්නේ නෑ කවදාවත් රජයට නිවැරදි තොරතුරු දෙන්න

දේශපාලඥයෙක් වශයෙන් ජනතාව මාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කලාකරුවෙක් වශයෙන් තමයි පිළිගැනීම තියෙන්නේ

චිත්‍රපටියක් රඟපාලා සින්දුවක් කියාගෙන ඉන්නවා දේශපාලනයට මාව ඕන උන දවසක නැවත දේශපාලනයට එනවා…..

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *