මම සල්ලි බෙදෙන එක එදා ඉඳන්ම කළා..
සමගි ජන බලවේගයෙන් ගත්තට වඩා මෙවර මම ඡන්ද ගන්නවා…
මම වන්ෂොට් එකෙන්ම ගම්පහ දිනනවා.
රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා..
දීපාවලී උත්සවය වෙනුවෙන් කොටහේන සිවම් කෝවිලේ ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා..
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ රන්ජන් රාමනායක මහතා..
……………………………….
බාධා එමටයි සුපිරින්කෝඩ් එකට නඩුවකුත් තිබුණා..
මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න මැතිවරණ කොමිසමට අයිතියක් නෑ කියලා තීන්දුවක් ලැබුණා..
අපිත් එක්ක හිටපු කෙනෙක් ඊයේ ගියා. ඒක ප්ලාන් කරපු වැඩක්..එතුමා මෙච්චර කල් ඒ ආයතනෙත් ඉඳලා..ඊයේ තමයි දැනගෙන තියෙන්නේ..ඔහු මුදල් අරගෙන කරපු වැඩක්.
මගේ ගමන පැහැදිලියි වන්සොට් අංක එකෙන්ම ගම්පහට ඉල්ලනවා..
මම තිත්ත ඇත්ත කතා කරන කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවට මාව අවශ්‍යයි..
හිටපු ඇමතිවරු තිහක් විතර විශ්‍රාම ගිහින් තියෙනවා රාජපක්ෂවරු මේ සටනේ නෑ..හැට දෙනෙක් පමණ තමුන් විහින්ම ඉවත් වෙලා තියෙනවා.
ප්‍රබල කවුරුත් නෑ..
මේ වෙලාවේ ඉල්ලන කට්ටිය නිර්භීත අය..චෝදනා අඩුම කට්ටිය ඉන්නේ එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ..
මට චෝදනා කරපු කෙනෙක් කියනවා හොරු විසින් රන්ජන් අල්ලගෙන කියලා..
මට විවිධ අය මුදල් දෙනවා ඒවා කොල පාටද මොන පාටද කියල මට ප්‍රශ්නයක් නෑ..මට දෙන සල්ලි වල කුඩු සල්ලි එතනෝල් සල්ලි නෑ..
සමගි ජන බලවේගයෙන් මම ගත්තට වැඩිය මේ සැරේ මං ඡන්ද ගන්නවා..
මම සල්ලි බෙදන එක එදා ඉඳන්ම කළා. නමුත් මේ අවස්ථාවේ සල්ලි බෙදන්න බෑ. ඔතන කැම්පස් ළමයි හිටියෙත් නෑ ඒකත් බොරුවක්..
එක මිටකට අනුරට දීල නම් වැඩක් නෑ..බලය ඕනෑවට වැඩිය දෙන්න හොඳ නෑ..