රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්

කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ ප්‍රචාරණ කටයුතු කාර්යාලයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා

මෙම රැස්වීම සඳහා මහින්ද අමරවීර දුමින්ද දිසානායක අසංඛ නවරත්න රාජිත සේනාරත්න කංචන විජේසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ලියවෙන විට එම ස්ථානයට පැමිණියා

පිටතට පැමිණි නිමල් ලංකා මහතා අදහස් දක්වමින් කියා සිටියේ අද දින නාමයෝජනා අත්සන් කිරීම සඳහා පිරිස් පැමිණෙන බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මම අද දිනයේ නාම යෝජනා අත්සන් කර මෙම ස්ථානයට පැමිණියේ

සජිත් ප්‍රමුඛ පිළ හොඳ නම් ගියපාර පරාද වෙන්නෙ නැහැ. එහෙමනම් අනුර කුමාර දිසානායකලා දිනන්නේ නැහැ
එනිසා මේ පාර හොඳම විපක්ෂය හැටියට අපේ කණ්ඩායම තමයි ඉන්නේ. අපි මේ පාර පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත්වෙනවා
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ අයව ජනතාව අඳුරන්නේ නැහැ
සජබේ ඉන්න අයත් වැඩ කරපු අය නෙවෙයි
අපේ කණ්ඩායම තමයි ගම්පහ හොඳම කණ්ඩායම ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ පාර මුළු රටටම හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරනවා
අනුර කුමාරලා එදා කිව්වා බිත්තරයකින් රුපියල් දහයක් අඩු කරන්න පුළුවන් කියලා දැන් කෝ අඩු කරාද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්මියක් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලම නේද කරන්න වෙලා තියෙන්නේ. අපි සුභ පතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයගේ වැඩපිළිවෙළම මේ ආණ්ඩුව ගෙනියන එකට

නාම යෝජනා භාරදීලා අවසන් උනාට පස්සේ අපි කවුද අගමැතිවරයා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු දෙනා කැඳවලා අවසන් තීරණයක් ගන්නවා

පියල් නිශාන්ත….

අපි අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් පිරිසක් දේශපාලනය කියන්නේ අභියෝග අපි මෙවරත් නාම යෝජනා අත්සන් කරලා ඒ අභියෝගයට මුහුණ දෙනවා

සමහර අය අභියෝග වලින් පැනලා යනවා නේද මෙවර ඉදිරිපත් වෙන්නේ නැතුව….

නෑ ඒ අය පුද්ගලික හේතු මත ඉදිරිපත් නොවුනට අපිට උපරිම සහාය දක්වනවා කණ්ඩායමක් හැටියට

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *