“රනිල්, අනුර හොඳ දීගයක් කනවා,එයාලා අශුද්ධ සන්ධානයක් හදලා”

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අනුර දිසානායක හොද දේශපාලන දීගයක් කන බවත් අශුද්ධ සන්ධානයක් ඔවුන් දැන නිර්මාණය කරගෙන තිබෙනව බව සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඇහැලියගොඩ ඊයේ (06) පැවැති ජන රැළියක් අමතමින්.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අනුර දිසානායකට කතා කරගෙන එක් කෙනෙක්ට ජනාධිපති වෙන්නත් අනිත් කෙනාට අගමැති වෙන්න තිබුණා යැයි පවසමින්.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අනුර දිසානායක මෙතෙක් කල් සිදුකළේ රටේ ජනතාව ඇන්දවීම බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අනුර දිසානායක අතර දේශපාලන ඩීල් එකක් තිබෙන බව විපක්ෂනායකවරයා අනාවරණ කර සිටියා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් ඡන්දයක් දෙන්න එක්සත් ජාතික පක්ෂයේ හෝ පොදුජන පෙරමුණේ පිරිසක් අදහස් කරගෙන සිටියානම් ඒ ඡන්දය නාස්ති නොකර රට ගොඩනගන සමගි ජන සන්ධානය ජයග්‍රහනය කරන්න ඒ වරම ලබාදෙන්න යැයි තමා ඉල්ලා සිටින බව විපක්ෂනායකවරයා කියා සිටියා.

දේශපාලන පලිගැනීම් වලට ලක්වුණු අන්ත අසරණභාවයට පත්වුණ රනිල් වික්‍රමසිංහ මහත්තයා නොසලකපු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වගකීම තම රජයක් තුළින් භාරගන්නා බව ද ඔහු කියා සිටියා.

ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බිහිවුණ වැඩිම ජනතා සේවයක් ඉටුකළ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගෙන සිදුකරන්න පුලුවන් ඉහළම කැපකිරිම් සිදුකරලා ස්වෙච්චා ජනාධිපතිවරයෙකු ලෙස රටේ ලක්ෂ 220 ක් ජනතාව ආරක්ෂා කරනවා රට දියුණු කරන්න ඇප කැප වී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *