“රනිල් ආපහු යැව්වොත් ශුවර් ලක්ෂ 10යි”

රනිල් වික්‍රමසිංහ නැවත වරක් අධිකරණයට ජනාධිපති ධූර කාලය පිළිබඳ විමසීම් කිරීමට කවුරුන් හෝ යොමු කළහොත් අනිවාර් යයෙන්ම ලක්ෂ 10ක දඩයක් ලැබෙනු ඇති බව අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම, මැතිවරණය කල් දැමීමේ අරමුණින් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කළද එය කිසිසේත් සාර්ථක නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළා.

මෙවැනි ක්‍රම හරහා ඔහු රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට උත්සහ කරන බවයි මහනුවර පැවති ජන රැළියක් අමතමින් අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවේ.

පුනරුදයට රටම එකට මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජන රැළි මාලාවේ තවත් ජනරැළියක් මහුනවරදී අද (16) පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *