“රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි සජබයත් විනාශ කළා”

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් දියත් කල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී.

එහිදී ඉම්තියාස් බාකීර් මාකාර් කියා සිටියේ රනිල් වික්‍රමසිංහත් විනාශ වෙලා සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයත් විනාශ කර දැමු බවයි.

එමෙන්ම රටේ ජනතාව සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සමඟ එකතු විය යුතු බවත් එසේ නොකළහොත් රට දැඩි අනතුරකට ලක්වීමට ඉඩ තිබෙන බව ඉම්තියාස් බාකීර් මාකාර් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.“ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් දියත් කළා. රනිල් වික්‍රමසිංහත් විනාශ වෙලා සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයත් ඔහු විනාශ කර දැමුවා. එයින් සමගි ජන බලවේගයට විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවුණේ. එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය තබන ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ බහුතර විශ්වාසයක් තිබෙන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන්න උදව් කරන්න කියලා. එසේ නොකළහොත් රට දැඩි අනතුරකට ලක්වීමට ඉඩ තිබෙනවා. ලෝකයේ ආර්ථිකය අතින් ශක්තිමත් වුණ රටවල් ගමන්ගත් මාර්ගයේ ශ්‍රී ලංකාවත් ගමන් කරවීමට නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ , දැක්ම , කණ්ඩායම සිටින්නේ කුමන පක්ෂයේද කියා ජනතාව හොඳින් කල්පනා කර බැලිය යුතුයි. දේශපාලන වශයෙන් අවබෝධයෙන් වැඩ කරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කළ යුතුයි යැයි ඉම්තියාස් බාකීර් මාකාර් වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *