ර් ආරක්ෂාව පාසල් විෂය මාලාවට

ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංවිධානය කළ සය මාසික පුහුණුව අවසානයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පසුගියදා පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය අංශයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් හා මාධ්‍යවේදීන් සඳහා මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

රාජ්‍ය ආයතන 37ක නිලධාරීන් 60ක් සහ මාධ්‍යවේදීන් 40ක් වෙනුවෙන් මෙහිදී සහතිකපත් ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වෙනවා.

එහිදී රාජ්‍ය ඇමැතිවරයා දැක්වූයේ මෙවන් අදහසක්,
“සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මාස හයක කාලයක් රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට පුහුණුව දී තිබෙනවා. එයින් දෙන සහතිකය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක්. මේ වැඩසටහන සම්බන්ධයෙන් බොහෝ කලක් කතා කළා. ඉතිහාසයේ පළමු වරට මෙවැනි ආකාරයේ සහතිකයක් නිකුත් කර තිබෙනවා. එහි පළමු කණ්ඩායම ලෙස මේ කණ්ඩායම සහතික ලබනවා. ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ, ආයතනවලින් මේ කණ්ඩායම තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මේ නිලධාරීන්ට ලොකු ගමනක් යන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් වශයෙන් රාජ්‍ය අංශයේ සෑම ආයතනයකටම බඳවා ගන්නට බලාපොරොත්තු වෙනවා. එක් පැත්තකින් සයිබර් ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වෙනවා මෙන්ම ඩිජිටල්කරණය සඳහා නායකත්වය දෙන කණ්ඩායමක් මෙලෙස පුහුණු කරනවා. 2006 වසරේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අපේ රටේ රාජ්‍ය සේවය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා..”

එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දෙන්න බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්,
“ඒ වගේම අපේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද අපි පියවර ගතයුතු වෙනවා. මාධ්‍යවේදීන්ට ද මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරෙනවා. එය රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා වන්නේ නැහැ. ගම් මට්ටම දක්වා මහජනතාව, දරුවන් දැනුවත් කළ යුතු වෙනවා. ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දෙන්න බලාපොරොත්තු වනවා”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *