රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනපති කියයි

ලබන වසර වන විට රජයේ සියලු ක්ෂේත්‍රයන්හි පවතින වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තිය සමිති දිවියට වසර 60ක් පිරීම නිමිත්තෙන් කොළඹ දී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

වර්තමාන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වෘත්තිය සමිති නායක, නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තිය සමිති දිවියට වසර 60ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කරන ලද උත්සවයක් ඊයේ (29) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළුව විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ආරාධිතයින් සහභාගි වී සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *