රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩු 07 කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියම කළා

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩු 07 කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව අදාල නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු වෙත මෙම නොතිසි නිකුත් කර තිබෙනවා.

අදාල නඩු ලබන 24 වන දා විභාගයට ගැනීමට නියමිතයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *