රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබාදෙන්න

  • වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වැඩ අරඹමින් කියයි.-

පැවරී ඇති වගකීම් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා දෙන ලෙස වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසීය.

නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්කෙරුණු නලින් හේවගේ මහතා අද (22)
පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරියේ සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කරමින් මේ බව පැවසීය.

එහිදී අදහස් දැක් වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා,

අපි ඔක්කොම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ, ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ගේ සේවය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා. ඔබත් ඔබේ සේවාව මේ රජය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ලබා දෙන්න. අපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා ඒ වෙනුවෙන් සහය ලබා දෙන ලෙස මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසීය.

මෙම අවස්ථාවට නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි,අධයාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *