රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%කින්ද, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලී අනුපාතය 15% කින් ඉහළ දානවා

ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීමට පූර්ණ බලතල සහිත කොමිසමක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආරම්භ කරන බවත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%කින් වැඩි කරන බවත් රාජ්‍ය සේවයන්ගේ බදු අඩු කිරීමට කටයුතු කිරීම සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (24) මහනුවර දිගන නගරයේ ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 12 විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

එසේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිනුම්වලට වෙනද ලබා දුුන් 15% ඉතිරි කිරීමේ පොලි අනුපාතය නැවත ලබා දෙන බවත් 15%ක එම පොලිය සහිතව ලක්ෂ ගණන් විශ්‍රාමිකයන්ගේ අයිතිය අද කප්පාදු කර ඇති බවත් රජය විශ්‍රාමිකයන් රැවටුවත් තමා ඔවුන් රවටන්නේ නැති බවත් 2016ට පෙර විශ්‍රාම ගිය සියලු දෙනට අග්‍රහාර රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියා.

විපක්ෂනායකවරයා කියා සිටියේ 2016-2019 කාලයෙ විශ්‍රාමික ජනතාවට ගෝඨාභය රාජපක්ෂ අහිමි කළ ඒ වරම නැවත ලබා දෙන බවත් විශ්‍රාමික ප්‍රජාවගේ ප්‍රතිලාභ ඉහළ මට්ටමක තබා ගැනීමට 1999 අංක 40 දරන පනත සංශෝධනය කර නව පනතක් ගෙන එන බවත් වැඩිහිටි ප්‍රජවට දෙන 3000ක දිමනාව 5000ක් කරන බවය.

එසේම රණවිරුවන් වෙනුවෙන් One rank one pay වැඩපිළිවෙළ දියත් කරන බවත් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති විශ්‍රාම වැටුප් විෂමතා පවා විසදන බව ඔහු කියා සිටියා.

මේවා බොරු පොරොන්දු නොව යෝජනා හා සැලසුම් බවත් ප්‍රේමදාසලා කවදාවත් කරනවා කිව්ව දේ නොකර සිට නොමැති බවත් රණසිංහ ප්‍රේමදාස වන පියාගේ නාමයෙන් කියන දේ කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

මේවා කරන්න මුදල් ඇති බවත් අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම කරන බවත් ජනාධිපතිගේ වියදම කපා හරින බවත් තමා රටට බරක් වෙන ජනාධිපති කෙනෙක් නොවන බවත් ඒ මුදලින් ජනතාවට සහන දෙන බවත් ඊට අමතරව දූෂණය වළකන බවත් කැබිනට් ඇමතිකම් යනු රෝස මල් යහනා නොව කටු අත්තක් බවත් බංකොලොත් රටේ බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නට කැපකිරීම් කළ යුතු බවත් කඩිසර විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *