රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රු.57,500ක් කරනවා

සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන සන්ධානය අද (23) වරකාපොළදී සංවිධාන කළ ජන රැළිය අමතමින්.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් අද පස්වරුවේ වරකාපොල නගරයේදී පැවැත්වුණා.

රැළියට එක්වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කළ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස ට සහය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *