රාජ්‍ය හා පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු අවදානමක්

නිවාස ආශ්‍රිත මදුරු ඝනත්වයට වඩා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම රට පුරා ඩෙංගු රෝගීන් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට රෝගීන් සංඛ්‍යාව 30,500ක් පමණවන බව එම සංගමයේ සභාපති නජිත් සුමනසේන සඳහන් කරනවා.

ඒ අනුව, දැඩි අවදාම් සහිත බවට හඳුනාගත් ප්‍රදේශවල 22, 23 හා 24 දින තුනේ විශේෂ කීට විද්‍යා සමීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවයි ඔහු පවසන්නේ.

එහිදී හඳුනාගත් වැඩිම මදුරු කීටයින් බෝවෙන ස්ථානවල ඒවා මර්දනය කිරීම සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්වල සිදු කරන බව ඔහු පවසනවා.

මෙවැනි අවධානම් තත්ත්වයන් සහිත ප්‍රදේශවලට කීට මර්දන නිලධාරීන් 60ක් පමණ මේ වනවිට යෙදවා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *