රාමසාන් දවසෙත් බොන්නවත් වතුර නැති වුණු කරච්චි වැසියෝ

රාමසාන් උත්සවයට පෙර දිනයේ දී කරච්චි නගරයේ බොහෝ ප්‍රදේශවල ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ පෑ බව මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරන්නේ, උත්සවයට පෙර දින තුනක සිට ම කරච්චි වැසියන් එම ජල ගැටලුවට මුහුණ පා සිටි බවත්, ජල බවුසර් හරහා ද ජල සැපයුම අත්හිටුවා තිබූ බැවින් කරච්චි වැසියන්ගේ ජන ජීවිතය පීඩාවට පත් වූ බවයි.

ජල කප්පාදුවෙන් වඩාත් බලපෑමට ලක්ව ඇත්තේ කරච්චි නුවර ආරක්‍ෂක නිවාස අධිකාරිය පිහිටි කලාපය ඇතුළු ප්‍රදේශ කිහිපයක් වන අතර, එම ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ ජල බවුසර් හරහා පානීය ජලය අවශ්‍යතා සපුරා ගැනීමයි.

ඊට අමතරව කරච්චි නුවර සෑම ප්‍රදේශයකින් ම පාහේ ජනතාව පැමිණිලි කර ඇත්තේ, කරච්චි ජල හා මලාපවහන සංස්ථාව රාමසාන් සමයේ දී තමන්ට ජලය ලබා නොදුන් බවත් එබැවින් තමන් මහත් දුක්ඛිත තත්ත්වයකට මුහුණ දුන් බවයි.

මේ අතර බලධාරීන් පවසන්නේ, අළුත්වැඩියා කටයුතු හේතුවෙන් කරච්චි ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුමට බලපෑම් එල්ල වූ බවත්, එම කටයුතු හේතුවෙන් කරච්චි නුවර ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදු වූ බවයි.

කෙසේ නමුත් උණුසුම් කාලගුණයත් සමග ජල ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ද කරච්චි බලධාරීන් පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *