රැඳවියෙක් බලන්න ආ පුද්ගලයෙක්ව සැකපිට අත්අඩංගුවට

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු වෙත ලබාදීමට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

17 දින පස්වරු 01.40ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීම සඳහා පුද්ගලයෙකු පැමිණ තිබුණි.

එහිදී සැකකරු වෙත ලබාදීමට ගෙනඑන ලද දන්තාලේප ටියුබයක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 01 හා අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක කළ හැකි පැකට් 01ක් සඟවා තිබී සොයාගෙන ඇත.

අමුත්තන් සෝදිසි කිරීම් රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සැකකරුගේ මිතුරෙකු වන අතර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *