රියදුරුට නින්ද යාමෙන් බිහිසුණු අනතුරක්

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ, හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදී.

හොරණ සිට නුවරඑලිය දක්වා ගමන් කරමින් තිබූ මෙම මෝටර් රථය අද (19) අලුයම 5.15 ට පමණයි අනතුරට ලක්ව ඇත්තේ.

ධාවනය වෙමින් තිබු මොටර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්ත දෙසට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති අතර, මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *