රියදුරු වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 15 කට වැඩි සංඛ්‍යාවක් අවලංගුයි

ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන් වාර 15 කට වැඩි සංඛ්‍යාවක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ වර්ජනය ක්‍රියාත්මක වුවද තැපැල් දුම්රිය සහ දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් අද දිනය තුළ තවත් දුම්රිය ගමන් වාර අවලංගු විය හැකි බවයි. ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දින 3 ක සිට මෙම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක අතර, මේ හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් ගමන් වාර 70 ක් අවලංගු කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *