රියැදුරු නොමැතිව ගමන් කළ ත්‍රීරෝද රථය : තවත් බිහිසුණු අනතුරක්

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දී අද සිදු වූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ත්‍රීරෝද රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ ත්‍රීරෝද රථයේ රියදුරා එම රථය වෙළඳසැලක් අසල නවත්වා ඉන් බැස ගොස් ඇති අතර තිරිංග නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ත්‍රීරෝද රථය මාර්ගය ඉදිරියට ධාවනය වී අඩි 30ක් පමණ උසැති බෝකුවකින් පහළට පෙරළී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිටි එක් පුද්ගලයකු ධාවනය වන ත්‍රී රෝද රථයෙන් පිටතට පැන තිබෙනවා.

කෙසේ වෙතත් මීගහකිවුල නගරයේ අද පැවැති ආබාධිතයින්ගේ රැස්වීමකට සහභාගි වීමට පැමිණ නිවෙස් බලා යමින් සිටි ආබාධිත පුද්ගලයින් දෙදෙනෙකුද මෙම අනතුර හේතුවෙන් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *