රුපියල් මිලියන 300ක මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් කොටු

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින “අහුංගල්ලේ ලොකු පැටී” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් තිදෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 13කට ආසන්න ප්‍රමාණයක්, පිස්තෝල දෙකක් සහ ව්‍යාජ ලියාපදිංචි තහඩු සහිත වාහන දෙකක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහතුඩුව, කෑල්ලගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 300ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *