රුපියල අවප්‍රමාණය වෙයි

පසුගිය දිනවලදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක අවප්‍රමාණයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඇමෙරිකානු ඩොලරයක විකුණු මිල ඊයේ (17) දිනයේ රුපියල් 307ක් ලෙස සටහන්ව වූ අතර පසුගිය සතියේ එය සටහන්ව තිබුණේ රුපියල් 303ක් ලෙසයි.

එමෙන්ම ඊයේ දිනයේ දී යුරෝවක වටිනාකම රුපියල් 335ක්ව තිබූ අතර ස්ටර්ලින් පවුමක වටිනාකම රුපියල් 390ක් ලෙසද සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රුපියල මේ දිනවල ඉතා සුළු වශයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන බවයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *