රුසියාවේ වෙඩි තැඹිමකින් 60ක් මරුට

රුසියාවේ මොස්කව්හි Crocus City ප්‍රසංග ශාලාවේ මීට සුලු මොහොතකට පෙර වෙඩි තැබීමක් සහ මාරාන්තික ප්‍රහාරයක් සිදුව තිබෙනවා.

එම ප්‍රහාරයෙන් විශාල පිරිසක් අනතුරට ලක් වූ බවයි වාර්තා වෙන්නේ.

මරණ සහ තුවාලකරුවන් සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැති අතර ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරනුයේ දැනට පුද්ගලයින් 40ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර අනතුරට ලක්වූවන් මුදවා ගැනීමටද අසීරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්කර සිටින්නේ.

ප්‍රහාරය සිදුවූ ස්ථානයට අවම වශයෙන් ගිලන්රථ 50ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.

රුසියානු ප්‍රවෘත්ති වාර්තා පැවසුවේ මෙම ප්‍රහාරකයන් දැවැන්ත ගින්නක් ඇති කරමින් පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිතා කළ බවයි.

මොස්කව් නගරාධිපති Sergei Sobyanin මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ මෙය “මහා ඛේදවාචකයක්” බවයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරය ගැන ප්‍රකාශයක් නිකුත් කරමින් ධවල මන්දිරය පවසා ඇත්තේ රුසියාවේ අගනුවර වෙඩි තැබීමේ ඡායාරූප “භයානක සහ නැරඹීමට අපහසු සිදුවීමක්” බවයි.

අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවවසා ඇත්තේ මෙම වෙඩි තැබීමට යුක්රේනය හෝ යුක්රේන ජාතිකයන් සම්බන්ධ බවට මේ වන විට කිසිදු ඇඟවීමක් ලැබී නොමැති බවයි.

මේ අතර යුක්රේනය ආක්‍රමණය කර වසර දෙකකට වැඩි කාලයකට පසු ක්‍රෙම්ලිනය පවසා ඇත්තේ බටහිර මැදිහත්වීම හේතුවෙන් රුසියාව තමන් “යුක්රේනය සමග යුද්ධයක” සිටින බවයි.

මීට පෙර ක්‍රෙම්ලිනය අවධාරණය කර සිටියේ 2022 පෙබරවාරි 24 දින සිට යුක්රේනයට එල්ල කරන ලද ප්‍රහාරය “විශේෂ මිලිටරි මෙහෙයුමක්” පමණක් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *