රුසියාවේ සිවිල් වැසියන් 150ක් මරා දැමූ සැකකරුවන්ට දරුණු ලෙස වධහිංසා පමුණුවයි

රුසියාවේ සිවිල් වැසියන් 150ක් වෙඩි තබා මරා දැමූ ප්‍රධානම තුවක්කුකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව දරුණු ලෙස වධහිංසා පමුණුවා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එහිදී සමහර සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රයට විදුලි සර වද්දවා බවයි සඳහන් වන්නේ.

එමෙන්ම තවත් සැකකරුවෙකුගේ කන කපා ඔහුටම හැපීමට දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමට අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවල ද මේ වන විට සංසරණය වෙනවා.

අදාළ සැකකරුවන් ඉරිදා දිනයේ දී මොස්කව් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ මොවුන්ට දරුණු ලෙස වධ හිංසා පමුණුවා ඇති බවට පැහැදිලි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තජිකිස්තාන ජාතිකයින් බවයි හෙළි වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම වධ හිංසා පිළිබඳව උරණ වී ඇති IsIs සංවිධානය ජනපති පුටින්ගෙන් හා රුසියානුවන්ගෙන් යළිත් පළිගන්නා බව දන්වමින් දෙවන වරටත් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

“සියලු කැත රුසියානුවන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඉස්ලාමීය රාජ්‍ය සිරකරුවන්ට වධ දීම නවත්වන්න. පරෙස්සම් වන්න! අල්ලා ගත් අපේ සහෝදරයන් වෙනුවෙන් ඔබගෙන් පළිගැනීමට අපට අවස්ථාවක් නැතැයි සිතන්න එපා” ලෙස එහි සඳහන් වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *