රේගු වර්ජනයෙන් බහාලු‍ම් 5000ක් පමණ කොළඹ වරායේ සිරවෙයි

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයක බලය පැවරිමට එරෙහිව රේගුව වෘත්තීය සමිති සන්ධානය මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයන නිරත වනවා.

මේ හේතුවෙන් රේගු නිළධාරීන්ගේ කටයුතු රැසක් අඩාල වී ඇති බවයි ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තිය සමිති ද සහය දැක්වීමට සැලසුම් කර තිබුණත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවැති සාකච්ඡාවකදී ලද ලිඛිත පොරොන්දුවකට අනුව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවයි එම වෘත්තිය සමිති කියා සිටියේ.

මේ අතර රේගු නිලධාරීන් මීට පෙර ආරම්භ කල වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලු‍ම් 5000ක් පමණ කොළඹ වරායේ සිරවී ඇති බව බහාලු‍ම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඊයේ රාත්‍රියේ බහාලු‍ම් 1200ක පමණ නිශ්කාශක කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලැබුණු බවයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *