රෝමයේ නිදහස් චිත්‍රපට උළෙල ඉතාලි සහ ජාත්‍යන්තර සිනමා ලෝකයේ එළිමහන් චිත්‍රපට සඳහා සත්කාරකත්වය සපයයි.

ජුනි පළමුවෙනිදා සිට ජූලි දහහතරවන දක්වා Plazza හි Il Cinema පුනර් සම්ප්‍රාප්තියත් සමඟ මෙම ගිම්හානයේදී නැවතත් විශාල තිරයේ චිත්‍රපට නැරඹීමට රෝම චිත්‍රපට රසිකයන්ට අවස්ථාව උදාවෙයි.. නිදහස් චිත්‍රපට උළෙල දස වන සංස්කරණය විවිධ ස්ථාන කිහිපයක පැවැත්වීමට නියමිතව පවතින අතර ඉතාලි සහ ජාත්‍යන්තර සිනමා ලෝකයේ විශාල ගෞරවාදරයට පාත් වූ විශේෂ අමුත්තන් ඇතුළත් වීමට කටයුතු සූදානම්ව පවතී.

මෙම වසරේ ආරාධිත ලැයිස්තුව හොලිවුඩ් තරු වන Edward Norton සහ James Franco සිට Paolo Sorrentino සහ Carlo Verdone ඇතුළු ඉතාලි සිනමාවේ විශිෂ්ටයන් මේ සදහා එක් වේ. ජනප්‍රිය පාපන්දු කළමනාකරු ක්ලෝඩියෝ රනීරි, ගායක ගාලි සහ ප්‍රංශ වීදි කලාකරු ජේ ආර් ඇතුළු සිනමා කවයෙන් පිටත අමුත්තන් ගණනාවක්ද, නළු නිළියන් සහ අධ්‍යක්ෂවරුන් සමඟ රැසක් මෙම අවස්ථාව සදහා එක්වීමට නියමිත බවයි විදෙස් ආරංචි මාරග පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *