ලංකාවට පැමිනි ඉරාන ජනාධිපති

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මිට සුළු මොහොතකට පෙර මත්තල ගුවන්තොටුපළට වෙත පැමිණ තිබෙනවා.

ඒ ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහායි.

ඒ අනුව වසර 13කට පසු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද දිනයේ දී නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද පෙරවරු 11 සිට හිරු ටීවී ඔස්සේ සජීවීව විකාශය
කෙරෙනවා.

ඌව පළාත කේන්ද්‍ර කරගමිනින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරු‍ණේ 2011 වසරේදී.

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙමගින් මෙගා වොට් 120ක ජල විදුලි ධාරිතාවක් එක්කෙරෙන අතර මෙම බහුකාර්ය ව්‍යාපෘතිය මගින් බදුල්ල,
බණ්ඩාරවෙල, මොණරාගල ප්‍ර දේශවල පානීය ජල අවශ්‍යතාව මෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල පහසුකම් සැපයීමට ද නියමිතයි.

ව්‍යාපෘතිය ආරම්භයේ දී ඊට එරෙහිව එම ප්‍රදේශයේ දේශපාලනඥයින් සහ ජනතාවද විරෝධතාවල නිරත වූයේ භූගත ජලයට සහ නිවාසවලට හානි සිදුවන
බවට චෝදනා කරමින්.

ව්‍යාපෘතියේ මුළු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 514ක් වන අතර ඉන් ඩොලර් මිලියන 450ක් ඉරාන රජය ණය ආධාර ලෙස ලබා දීමට නියමිතව තිබුණා.

නමුත් ව්‍යාපෘතිය ආරම්භයේ දී ඉරාන රජය ඩොලර් මිලියන 50 මුදලක් ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ඩොලර් මිලියන 450ක් වූ සම්පූර්ණ මුදල ලබාදීමට නොහැකි වුණත් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *