ලංකාවේ ප්‍රේශර් වැඩි පුද්ගලයන් ගනන ඉහලට

මෙරටින් වාර්තා වන අධි රුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහම් පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ දිවයිනේ, සෑම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වයස අවුරුදු 18ත් 69ත් අතර පුද්ගලයින්ගෙන් සිදුකළ සමීක්ෂණයකදී අධිරුධිර පීඩකයින් සියයට 35ක් වාර්තා වු බවය.

“හැම අවුරුද්දේම මැයි 17 වන දිනට අධි රුධිර පීඩනය වෙනුවෙනුත් මැයි මාසේ තුන්වන සතිය ලුණු භාවිතය ගැන දැනුවත් කිරීම සඳහාත් ගෝලීය වශයෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වෙනවා. එතකොට ලංකාවේ අවුරුදු 5කට සැරයක් අපි සමීක්ෂණයක් පවත්වනවා. අපි මේ සමීක්ෂණය අන්තිමට පැවැත්වුයේ 2021 දී. එතකොට ඒ අය අතර ප්‍රතිශතයක් වශයෙන් 35%කට අධි රුධිර පීඩනය තිබුණා. අපි නිර්දේශ කරන්නේ, පුද්ගලයෙක් ගන්න ඕනේ ලුණු ප්‍රමාණය දවසකට ග්‍රෑම් 5ක්. හැබැයි මේ සමීක්ෂණයෙක් අපිට වාර්තා වෙනවා පුද්ගලයෙක් දවසකට ගන්න ලුණු ප්‍රමාණය ග්‍රෑම් 14.2ක් ඒ කියන්නේ තුන් ගුණයක වැඩි භාවිතයක්.”

මේ අතර රුධිර පීඩනය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීම සම්බන්ධයෙන් ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහම් අදහස් පළ කළාය.

“ප්‍රධාන වශයෙන් අපි හැමදාම කියන්නේ සෞඛ්‍යමත් ආහාර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ලුණු භාවිතය පුළුවන් තරම් අඩු කරන්න. ඒ වගේම ශාරීරික ක්‍රියාශිලී බව වැඩි කිරීම ඉතාමත් වැදගත් සහ තමන්ගේ මානසික ආතතිය අඩු කරගන්න පියවර ගන්න ඕනේ. දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් වැළකීම වගේම තමන්ගේ රුධිර පීඩනය නිසි වේලාවට මැන ගන්න. විශේෂයෙන් අවුරුදු 35ට වැඩි අය මේ වනතෙක් රුධිර පීඩනය මැන නැත්නම් ඉක්මනින් ම එය මැනගන්න.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *