ලංකාවේ 695කට අලුතින් ඒඩ්ස්

පසුගිය 2023 වසරේ පමණක් නව එච්.අයි.වී ආසාදිතයන් 695දෙනකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා.

හිරු පුවත් අංශයට අදහස් දක්වමින් ඇය සඳහන් කළේ එය 14% ක වර්ධනයක් බවයි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයන් හමුවන අතර කොළඹ ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ක්‍රියාත්මක සායනවලදී හඳුනාගැනෙන HIV සහ ලිංගාශ්‍රිත රෝගීන් සංඛ්‍යාව 40% ක ප්‍රමාණයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

තරැණ තරැණියන් තුළ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අවබෝධයක් නොමැති වීම මෙලෙස රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමට බලපා ඇති අතර ඒ සම්බන්ධයෙන් වයසට සරිලන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් පාසල් වියේ සිට ලබා දිය යුතු බවද ඇය සඳහන් කළා.

කිසියම් පුද්ගලයකුට HIV සහ ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී තිබේදැයි මූලික වශයෙන් දැනගැනීමට සහ රෝග පරීක්ෂාවක් සඳහා වේලාවක් වෙන්කර ගැනීම සඳහා ”KNOW FOR SURE” නමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇති අතර එමගින් තමන්ට රෝගයක් වැළඳී තිබේදැයි රහසිගතව දැනගත හැකි බවද ඒ සඳහා ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවෙසටම ගෙන්වාගත හැකි බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන තවදුරටත් සඳහන් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *