ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනි දා

එළඹෙන ජුලි 01 වැනිදා සිට 21 වැනි දා දක්වා කාලය තුළ පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන මැයි 21 වැනි දා පැවැත්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක එම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන බවයි

එහි දී එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකු තබා ගත හැකි වන අතර කණ්ඩායමක සිටිය හැකි අවම ක්‍රීඩකයින් ප්‍රමාණය 20ක්.

තව ද මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 500 දෙනෙකුගේ නම් ඉදිරිපත් වී ඇති අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයෙකු සෑම කණ්ඩායම සිටිය යුතු බවට කණ්ඩායම් කළමණාකාරිවයන්ට කොන්දේසි පනවා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *