ලංකා බැංකුව 1990 සුව සැරිය වෙත ගිලන් රථයක් ලබා දෙයි

ලංකා බැංකුව විසින්, සිය දියත් කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමී ව 1990 සුව සැරිය පදනම වෙත ගිලන් රථයක් ලබා දීම පසුගිය දා සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා, Sw කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා, සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සොහාන් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙරට ජනතාව වෙත සුවිශේෂී සේවාවක් ඉටු කරක 1990 සේවාව සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත ව ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර, මේ හරහා ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සුව සැරිය සේවාව ලබා ගැනීමේ පහසුකම් වැඩි දියුණු කිරීම ලංකා බැංකුවේ අරමුණයි. එමෙන් ම මෙම ව්‍යාපාතිය මඟින්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ යහ පැවැත්ම වර්ධනය කරමින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩ නැංවීම සඳහා ලංකා බැංකුවේ කැපවීමට උදාහරණ සපයයි.

වසර 85 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත ව සුවිශේෂී මෙහෙවරක නිරත ව සිටින ලංකා බැංකුව, ගෝලීය අවස්ථා සඳහා පුද්ගලයන් සහ ව්‍යාපාර යොමු කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත 658 ක් වූ ශාඛා ඇතුළු ව 2,300 කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන පාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතිය සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්, The Banker සඟරාව විසින් 2024 වසරේ ලොව හොඳම බැංකු 1000 අතරට නම් කෙරුණු එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021 හා 2023 වසරවල ‘ වසරේ බැංකු කරු’ ලෙසත් ශ්‍රේණිගත කෙරිණි. ඊට අවසර ව 2024 SLIM KANTAR ඤ්ඤතා සම්මාන උළෙලේ දී වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීසෙල්ස් හී පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 435

Leave A Reply

Your email address will not be published. Required fields are marked *