ලංගමට වාර්තාගත ආදායමක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංගම බස් රථ සේවාව හරහා ඊයේ (11) දිනය තුල පමණක් රුපියල් මිලියන 210ක අධික ආදායමක් උපයා තිබෙනවා.

එය වසරේ මෙතෙක් ඉපයූ වැඩිම ආදායම බවයි ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් පැවසුවේ.

අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස්රථ ගමන්වාර 4500 ක් ධාවනයට එක් කර ඇති අතර, දුර පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන්ද විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක බව සභාපතිවරයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *