ලක්ෂ තුනක මත්පෙති 1,300ක් සමග තුන්දෙනෙක් කොටුවෙයි

රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා මත්පෙති 1,300 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආනේකෝට්ටේ ප්‍රදේශයේදී යාපනය පොලීසිය විසින් මොවුන් (10) දා කොටුකර ගත් බවයි පොලිසිය පවසන්නේ.

එක් සැකකරුවකුගේ නිවසක් පොලීසිය පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී විශාල ප්‍රමාණයේ කඩු දෙකක්ද සොයාගෙන තිබුණා.

මේ නිසා පොලීසිය සැක කරන්නේ මොවුන් මත්පෙති ජාවාරමට අමතරව වෙනත් අපරාධ සිදු කරමින් මුදල් උපයා ඇති බවයි.

මෙම මත්පෙති යාපනයේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කොට තිබූ බවට සැකකරණ පොලීසිය තව දුරටත් ප්‍රශ්න කරගෙන යනවා.

සැකකරුවන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *