ලක්ෂ 19ක මදන මෝදක තොගයක් අත්අඩංගුවට

දේශීය බෙහෙත් බඩු විකුණන මුවාවෙන් පාසල් දරුවන් හා තරුණ පිරිස් වෙත මදන මෝදක අලෙවි කළ ජාවාරමක් වටලා තිබෙනවා.

මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 19ක් පමණ වන බව පොලිසිය පවසනවා.

වැටලීමේදී බලපත්‍ර රහිත මත්ගුලි හෙවත් මදන මෝදක ගුලි 450ක් අත්අඩංගුවට ගත් බවයි මැණික්හින්න පොලිසිය පැවසුවේ.

මෙම මදන මෝදක සමග සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු මැණික්හින්න නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් දෙදෙනා හා මත්ගුලි තොගය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *