ලක්ෂ 220 ක් වන ජනතාව දුකින් මුදවා ගැනීමට ලබාදිය හැකි උපරිම ශක්තිය ලබාදෙන්න

‘‘රටම ණය කන්දක හිරවී තිබෙන මොහොතක ජනතාවගේ ජන ජිවිත හැකිලි තිබෙන මොහොතක දුෂිකර ජිවිතයකට මුහුණ දෙන ලක්ෂ 220 ක් වන ජනතාව දුකින් මුදවා ගැනීමට ලබාදිය හැකි උපරිම ශක්තිය ලබාදෙන්න සැප්තැම්බර් 21 වැනි ලැබෙන ජනවරම හරහා අපි සුදානම්.

රටක් පාලනය කරනවා කියන්නේ රටට සේවය කිරිම, එය ඉතාම අසිරු කාර්යයක්. රට වැටි තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගැනිමට සාර්ථික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. එයින් දුක් විදින ජනතාවගේ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදිමට හැකියාව ලැබෙනවා.

ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ඒ නිසා ලබාගත්ත ණය මරු උගුලේ අපි හිරවුණා. 2022 දී වාර්ෂිකව බිලියන ගණනාවක ණයක් ගෙවන්න තිබෙන බව එවක රජයේ සිටි පිරිස දැනගෙන හිටියා. නමුත් බලය ලබාගත්ත ගමන් ඔවුන්ගේ ගජමිතුරුන්ට බදු සහන ලබාදිලා සියයට 12 කට තිබුණ රාජ්‍ය ආදායම සියයට 6 ට වට්ටලා දැම්මා.

අද වනවිට අපි ලතවෙනවා රාජ්‍ය ආදයම දළ දේශිය නිෂ්පාදනයේ සියයට 10 ත් 11 ත් අතර ප්‍රමාණයක් තුළ. ක්‍රමෝපායිකව රටේ ආර්ථිකය හසුරුවන්න ඕන. ආර්ථිය දුවන එන්ජිමට ජිවය ලබාදෙන්න ඕන.  ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන කර්මාන්ත ආර්ක්ෂා කරන්න ඕන. අපනයක කෙන්ද්‍රිය ආර්ථික වර්ධනයකට අපි යොමු වෙන්න ඕන. අපේ රටට සෘජු විදේශ ආයෝජන ලබාගැනිමේ හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ආයෝජකයෝ එන්නේ දුෂණය වංචාව නැති නම් පමණයි. ආයෝජකයන් අපේ රටට ගෙන්වා ගැනිමට අවශ්‍ය හේතු අපි හදන්න ඕන. අයෝජකයෝ එන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්. අයෝජකයෝ  ගෙන්න ගන්න ඕන රටේ අපනයක ක්ශ්‍රේත්‍රය ශක්තිමත් කරන්න. අයෝජකයෝ  ගෙන්න ගන්න ඕන තරුණ ප්‍රජාවට රැකියා ලබාදෙන්න. අයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරලා රටට සෘජු විදේශ අයෝජන ලබාගන්න හැකි ආර්ථික පරිසරයක් සමගි ජන සන්ධාන රජයක් තුළින් ගොඩනගනවා.

දුෂණය වංචාව හොරකම තුළ රටට සම්පත් අහිමි වෙලා තිබෙනවා. අහිමි වුණ සම්පත් අපි ලබාගන්නවා. දුෂණයෙන් වංචාවෙන් රට විනාශ කළ සියලු දෙන නිතිය හමුවට ගෙන එනවා. රටෙන් හොරාකපු මුදල් ලක්ෂ 220 ක් ජනතාව පෝෂණය කරන්න යොදවනවා.

අපි අවස්ථාවාදී දේශපාලනය කරන්නේ නෑ. 2018 දින 52 කුමන්ත්‍රණයේදී මට 71 වතාවක් ආරාධනා කළා රටේ අගමැතිධුරය භාරගන්න කියලා. මම ඒ ආරාධනය ප්‍රතික්ෂේප කළා.  2015 ජන වරම ලැබුනේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට. මට අගමැතිධුරය ලබාගන්න කියලා අරාධනා කළ පමණින් අවස්ථාවාදි දේශපාලනය හරහා තනතුරු ලබාගන්න මට හැකියාවක් නෑ. ගෝඨාභය රාජපක්ෂ අගමැතිධුරය භාරගන්න කියපු අවස්ථාවේ ඒ ප්‍රතිපත්තියම අපි අනුගමනය කළා. අගමැති වුණානම් රට බංකොලොත් කළ හොරුන්ගේ රැකවලා බවට මම පත්වෙනවා. මම හොරුන් රකින පාලකයෙක් නෙවෙයි.  මාව වරදාන වරප්‍රසාවලට නංවා ගන්න බෑ. මම පොදුජන කේන්ද්‍රීය දේශපාලනයෙන් බැහැරවෙලා කටයුතු කරන්නේ නෑ. සමගි ජන සන්ධානයේ කිසිම කෙනෙක් වෙන්දේසි වෙන්නේ නෑ.

රටේ විශාල ප්‍රමාණයක් දුප්පත්කමින් පෙළෙනවා, ඒ ජනතාවට ආයෝජන ශක්තිය නෑ, ආදායම් මාර්ග නෑ නිෂ්පාදනයක් කරන්න බෑ. මෙවැනි තත්ත්යක් තුළ අපේ රජයක් තුළ අලුත් දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ. සුපිරි බලවතුන්ට එක නිතියක් , සාමාන්‍ය ජනතාවට තවත් නිතියක්. නිවැරදිව ක්‍රියාත්මක වන යුගයක් ක්‍රියාත්මක කරලා දරු පරපුර , කාන්තා පරපුරට ආරක්ෂිත සිටින්න පුලුවන් සුරක්ෂිත දේශයක් අනිවාර්යෙන් ගොඩනගනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *