ලක්ෂ 75කට අධික අයිස් සමඟ නේවි ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ තබාගෙන සිටියදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එහි වටිනාකම රුපියල් මිලියන 7.5ක් පමණ වන බවට ගණන් බලා ඇති බවයි.

එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී වාහනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *