ලබුගම කැළඹූ මාරාන්තික අනතුර

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පෙම් යුවලක් මාර්ගයේ බෝක්කුවකට ඇද වැටීමෙන් සිදු වූ අනතුරින් පෙම්වතා මියගොස් පෙම්වතිය අවිස්සාවෙන්න මූලික රෝහලට ඇතුලත්කර තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පිළියන්දල, පමුණුව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

මිතුරෙකුගේ යතුරු පැදියක් ලබාගෙන සිය පෙම්වතිය සමග දිය නෑම සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තේ වෙන්නේ.

හිරු ප්‍රවෘත්ති අංශය, අවිස්සාවෙල්ල මූලික රෝහලෙන් සිදුකළ විමසීමේදී එහි ප්‍රකාශිකාවක් සඳහන් කළේ,  රෝහල්ගත කරන විටත් අදාල තරුණයා මියගොස් සිටි බවත් රෝහල්ගත කළ තරුණියගේ තත්ත්වයද අසාධ්‍ය බවයි.

තරුණිය මේවන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද අවිස්සාවෙල්ල මූලික රෝහල් ප්‍රකාශිකාව සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *