ලාංකිකයන් දෙදෙනෙක් සමග විස්සයි විස්ස ලෝක කුසලානයේ නිලධාරි මණ්ඩලය නම් කෙරේ

එළඹෙන ජුනි මාසයේ දී අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොටගනිමින් ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති තරග තීරකවරුන් සහ විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ තරගාවලිය සඳහා විනිසුරුවරුන් විසි දෙනෙක් සහ තරග තීරකවරුන් හය දෙනෙකු ඇතුලත්ව නිවේදනය කළ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද ඇතුලත්ව තිබෙනවා.

දින 28ක් පුරාවට, ස්ථාන 9ක දී කණ්ඩායම් 20ක් එකිනෙකා ගා ගැටෙන තරග 55ක පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීම සඳහා කෙස් බ්‍රවුන්, කුමාර ධර්මසේන, ක්‍රිස් ගැෆනි (Chris Gaffaney), මයිකල් ගෝහ් (Michael Gough), ඒඩ්‍රියන් හොල්ඩ්ස්ටොක්, රිචර්ඩ් ඉලින්ග්වෝත්, අලාඋද්දීන් පලේකාර්, රිචර්ඩ් කෙටල්බර්ග්, ජයරාමන් මදනගෝපාල්, නිටින් මෙනන්, සෑම් නගස්කි (Sam Nogajski), අශාන් රාසා, රශීඩ් රියාස්, පෝල් රෆායල්, ලැන්ග්ටන් රසරේ, ශහීඩ් සායිකට්, රොඩ්නි ටකර්, ඇලෙක් ව්‍රාෆ්, ජොඑල් විල්සන් සහ අසිස් යාකබ් යන තෝරාගෙන තිබෙනවා.

මේ අතර අදාළ තරගාවලියේ තීරකවරුන් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර ඇති තරග තීරකවරුන් වන්නේ, ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රව්, රන්ජන් මඩුගල්ල, ඇන්ඩෘ පයික්‍රොෆ්ට් (Andrew Pycroft), රිචී රිචර්ඩ්සන් සහ ජග්වාල් ශ්‍රීනාත් යන අයයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *