ලැගුම් හලින් මතු වූ අයිස්

බත්තරමුල්ල ලැඟුම්හළකදී රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650ක් සමග සැකකරුවන් පස් දෙනෙක් පොලිසිස විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් දෙදෙනෙක් කාන්තාවන් වන අතර අනෙක් තිදෙනා පිරිමි පුද්ගලයින් වෙනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා ගමුව සහ කටාන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

එමෙන්ම ඉතිරි සැකකරුවන් තිදෙනා කොළඹ සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාළ සැකකරුවන් සහ භාරයට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලීසිය වෙත භාරදී තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *