ලොකයේ වැඩියේන්ම පොල් අපතේ යවන්නේ ශ්‍රිලංකාවයි

ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රටවල් අතුරින් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී පැවැති වැඩසටහනකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

ඉකුත් වසරේ (2023) පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරි මාසය තුළ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 25.17කින් වර්ධනය වී තිබෙන බවත් පෙබරවාරි මාසයේදී පොල් වතුර මෙට්‍රික් ටොන් 3439ක් අපනයනය කර රුපියල් මිලියන 894ක ආදායමක් උපයා ඇති බවත් ඔහු කීවේය.

ආහාරය සඳහා පොල් යොදා ගැනීමේදී නාස්තිය අවමකර ගන්නා ආකාරය පිළිබඳ නව තාක්ෂණික දැනුමත් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයට මෙන්ම පොල් සංවර්ධන අධිකාරියටත් දැනුම් දෙන බව ඇමැතිවරයා පැවසීය.

“අපි බොහෝ දේවල්වලින් ලෝකයේ අංක එකේ ඉන්නවා. සීනි, ලුණු, පිටි, කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අඩංගු ආහාර වැඩිපුර ගැනීම වැනි බොහෝ කරුණුවලින් අපි අංක එකට ඇවිත් ඉන්නවා වගේම බෝ නොවන රෝගවලිනුත් අපි අංක එකට ඇවිත් ඉන්නවා. ඒ වගේම තමයි පොල් නාස්ති කිරීමෙනුත් අපි ඉන්නේ අංක එකේ’’ යැයිද ඔහු පැවසුවේය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *