ලොරි රථයක් සහ කැබ් රථයක් ගැටී කාන්තාවක් මරුට

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් හා ලොරි රථයක් දඹුල්ල – දිගම්පතහ අතරමැදි කදවුර ආසන්නයේදී අනතුරට ලක් වී කාන්තාවක් මිය ගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.

බරපතළ තුවාල ලැබූ අවුරුදු 03 ක් පමණ වයසැති කුඩා දැරියෙකු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

හබරණ දෙස සිට දඹුල්ල දෙසට යෝගට් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් සහ කැබ් රථක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සියලු දෙනා කැබ් රථයේ ගමන් කළ අය වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *