ලොවක් බලාසිටින ඔලිම්පික් ඇරඹෙන්නේ මෙහෙමයි

ප්‍රංශයේ පැරිස් නුවරදී ලබන ජූලි 26 වනදා සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සහ පැරාලිම්පික් උළෙල අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙනවා.

මෙහිදී, පැරාලිම්පික් උළෙල තරඟ ඉසව් 549ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනෙකු තරග ඉසව් 329ක් සඳහා තරග කිරීමට ඔලිම්පික් උළෙලට ඉදිපත්වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සම්පූර්ණ උත්සවය සඳහා ප්‍රංශ රජය හමුදා සෙබළුන් 20,000කගෙන් සහ පොලිස් නිලධාරීන් 40,000කට වැඩි පිරිසකගෙන් පුළුල් ආරක්ෂාවක් සපයා ඇති බවයි.

එමෙන්ම, ඔලිම්පික් සහ පැරාලිම්පික් කාලය තුළ ප්‍රංශය බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයින් ප්‍රමාණය මිලියන 15ක් බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *