ලොව විශාලතම සර්පයා වෙඩිතබා ඝාතනය කෙරේ

අඩි 26ක් දිග සහ රාත්තල් 440ක් බරැති ලොව විශාලතම සර්පයා දඩයම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම විශාල ඇනකොන්ඩා මීට සති පහකට පෙර බ්‍රසීලයේ දුරස්ථ ඇමසන් වනාන්තරයෙන් සොයාගෙන තිබුණා.

මෙම සර්පයා ඇනා ජූලියා ලෙසයි නම්කර තිබුණේ.

ගැහැණු සතෙක් වූ මෙම ඇනකොන්ඩා මෝටර් රථයක ටයරයක් මෙන් ඝනකමකින් යුක්ත වූ අතර හිස මිනිස් හිසක් තරම් විශාල බවයි වාර්තාකර සිටියේ.

මෙම සර්පයා විද්‍යාඥයන් විසින් ඇනා ජූලියා ලෙස නම් කර තිබුනා.

ඇනා ජූලියා ඉරිදා බ්‍රසීලයේ Mato Grosso do Sul ප්‍රාන්තයේ Bonito හි ග්‍රාමීය ප්‍රදේශයේ Formoso ගඟේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *