හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
ඊයේ (20) දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කටුගස්තොට මහයියාවේ පිහිටි නිවස පරිශ්‍රයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක වෙඩිවැදී සිටියදී පෞද්ගලික ලේකම්ගේ සිරුර සොයාගෙන තිබෙනවා.
පොලිස් විමර්ශණවලින් පසුව අනාවරණය වූයේ ඔහුට අයත්ව තිබූ පිස්තෝල ගිනි අවියෙන් මෙම වෙඩිතැබීම සිදු කරගෙන ඇති බවයි.
50 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි මොහු වෙඩිතබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් ඔහු පසුගිය කාලසීමාවේ දී කිසියම් කළකිරීමකින් සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.