ලෝක ක්‍රිකට් පිටිය මවිත කළ අමෙරිකානු කණ්ඩායම

මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සම-සත්කාරකත්වය දරන අමෙරිකාවට හැකිවිය.

ඒ අයර්ලන්තය සමඟ ඊයේ (14) පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමඟය.

ඒ අනුව A කාණ්ඩයෙන් මෙවර තරගාවලියට පිවිසි පාකිස්තානයට මුලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තානය පළමු වටයෙන්ම ඉවත්වූයේ පළමු වරටය. A කාණ්ඩයෙන් තරගවැදුණු පාකිස්තානයට අමතරව කැනඩාව සහ අයර්ලන්තයට ද එම අවස්ථාව අහිමි වී ගියා.

අමෙරිකාවේ ෆ්ලොරිඩා හී ලෝඩර්හිල් ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිතව තිබු අමෙරිකා – අයර්ලන්ත තරගය වර්ෂාව සහ ක්‍රීඩාංගණය තෙත සහිත තත්ත්වය හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

එහිදි කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැඟින් හිමි වුණ අතර ඒ අනුව සම සත්කාරකත්වය දරණ අමෙරිකාව සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගත්තේය.

ඒ අනුව A කාණ්ඩායෙන් ඉන්දියාව සහ අමෙරිකාව සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගත් අතර B කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව ද C කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය ද D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව ද මේ වන විට සුපිරි 8 තරග වටයට සුදුසුකම් ලබා ගෙන සිටියි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *