ලෝක කැරම් ශූරයන්ට අගමැතිනිය සහායට…

ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට ලෝක කැරම් සූරතාවයට යන්න බොඳ වුණු සිහිනය අගමැතිනිය සැබෑ කරයි..

පසුගිය වර ලෝක කැරම් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කැරම් පිරිමි කණ්ඩායමට සහ පසුගිය ලෝක අනුශූරතාවය හිමිකර ගත් කාන්තා ක්‍රීඩකයන් ක්‍රීඩකා වන්ට මෙවර පැවැත්වෙන ලෝක සූරතාවයට යෑමට වීසා සහ පහසුකම් ලැබී තිබුණේ නෑ…

ඒ අනුව ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ කළමනාකරුට පමණක් මෙවර ලෝක ශූරතාවයට සහභාගි වීමට යෑමට ලැබීම එම ලෝක ශූරතා හිමි කරගත් කණ්ඩායමට සිදුව තිබූ අසාධාරණයක්…

මේ පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය මගින්ද කරුණු පැහැදිලි කළා..

ජාතික ජන බලවේගයේ කඩුවෙල සංවිධායක අසිත නිරෝෂණ මහතාගේ මැදිහත්වීම මත අග්‍රාමාත්‍යවරිය මෙන්ම ක්‍රීඩා ඇමතිනිය වෙත මෙම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට නොවැම්බර් මස පැවැත්වෙන ලෝක තරම් ශූරතාවයට සහභාගි වීමට වරම් හිමි වුණා..

පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයින් හතරකට සහ කාන්තා ක්‍රීඩිකාවන් හතර දෙනකුද කණ්ඩායම් කළමනාකරු ඇතුළු පිරිසක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය හමුවුණා..

ඉන් අනතුරුව එම ක්‍රීඩකයන්ට ලෝකශූරතාවයට යෑමට ලැබුණු වරම පිළිබඳවත් සැබෑ වූ සිහිනය පිළිබඳවත් ඔවුන් මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා…

නොවැම්බර් 8 වෙනිදා කැලිෆෝනියාවේදී පැවැත්වෙන ලෝක කරම් ශූරතාවය සඳහා යෑමට වීසා ගැටලු මෙන්ම එයට අදාළ පහසුකම් ලබා ගැනීමට නොයෙක් උත්සාහ කළද එය ව්‍යාර්ථ වී තිබුණා..

වත්මන් අගමැතිනියට මැදිහත්ව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබාගත් මුදල් ආධාර මත මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහිනය සැබෑ කර තිබෙනවා…

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී සිය සතුට පළ කළා…

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *