“ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර ලබාදීම තම අරමුණයි”

දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර ලබාදීම තම අරමුණ බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ 09) පස්වරුවේ රුවන්වැලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ “මේ රටේ ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් නැති අවස්ථාවේ මම මේ රටේ වගකීම භාරගෙන ජනතාවගේ එම මූලික අවශ්‍යතා ඉටු කර දුන්නා. මේ රටේ ජනතාව කුසගින්නේ සිටිනවා මට බලාගෙන ඉන්න බැරි වුණා. ඒ වගේම දරුවන්ට අධ්‍යාපනය නොලැබෙන එක, ජනතාව දුක් විඳින එක මට බලාගෙන ඉන්න බැරි වුණා. මම මේ වගකීම භාරගත්තේ ඒ නිසයි. අද මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර තිබෙනවා. ඒ වගේම ඉන්ධන හා ගෑස් තිබෙනවා. රැකියා ආදායම් මාර්ග තිබෙනවා. දරුවන් වෙනුවෙන් හොඳ පාසල් අධ්‍යාපනයක් ලැබෙනවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *